වසර ගණනාවක සිට පවතින උග්‍ර ගුරු හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් තලවකැලේ, වටගොඩ සිංහල මහා විදුහලේ දෙමාපියන් හා සිසුන් එකතුව අද (22) විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයට හා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට වාර ගණනාවක් වාචිකව හා ලිඛිතව දැනුම්දීමට පියවර ගත්තත් මෙතෙක් පාසලට ගුරුවරුන් එවීමට කටයුතු කර නොමැති බව උද්ඝෝෂණයේ නිරත දෙමාපියෝ පවසන්නේ.
වසර අටක පමණ සිට පාසලේ ගණිත විෂයට කිසිඳු ගුරුවරයෙකු නොමැති බවත් දැනට පාසලේ හය ශේණියේ සිට 11 ශේණියේ දක්වා පන්තිවල ඉගැන්වීමට සිටිනුයේ ඉංග්‍රීසි ගුරුවරුන් පමණක් බව ඔවුන් චෝදනා කරනවා.
මේ පිළිබඳව නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයට දැනුම්දීමට පියවර ගත් බවත් ඉදිරියේදී පාසලේ පවතින ගුරු පුරප්පාඩු සඳහා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ඔවුන් තමන්ට දැනුම් දුන් බව වටගොඩ විදුහලේ විදුහල්පති ඩබ්ලිව්. ජේ. ආර්. ගුණරත්න මහතා පැවැසීය.
පාසලට ගුරුවරු ලබාදෙන බවට වගකියයුතු නිලධාරීයෙකු ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු තම උද්ඝෝෂණය නතර නොකරන බව දෙමාපියෝ වැඩිදුරටත් පවසනවා.