fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ගුවන්තොටුපළට එන සියලුදෙනාගේ ජාන පරීක්ෂණ කරලා ඔමික්‍රෝන් හොයන්න බැහැ – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අවම කරගැනීමට නම් සෞඛ්‍ය නීති දැඩි ලෙස අනුගමනය කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට අතුල්වුවහොත් හදුනාගැනීමට සිදුවන්නේ නියැදි පරීක්ෂාවකින් පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් හඳුනාගතහොත් රට යළි අසීරු තත්ත්වයකට පත්විය හැකි බවත් එම නිසා
උත්සව සමයේදී ජනතාව වගකීමෙන් හැසිරිය යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළා.

“අලූත් වෛරසයක් වෙනවා කියලා අලූත් වැඩපිළිවෙලක් කරන්න අමාරුයි නමුත් කොවිඩ් රෝගීන් පැමිණීම අවම කරගන්න ඕන ගුවන් ගතවන විට පී.සී.ආර් වාර්තාව හා එන්නත් කාඩ්පත පරික්ෂා කිරීම සිදු කෙරෙනවා ඒ අනුව නිදහස් කිරීමට කටයුතු කරන අතර අනෙක් පුද්ගලයන් නිරෝධායනයට ලක් කරනවා දිනකට වාර්තා වන රෝගීන් අවම කරගැනීම හා ඔමික්‍රෝන් පැමිණීම වලක්වා ගැනීමට දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කළ යුතුයි යම් විදියකින් මෙම වෛරසය රටට පැමිනුන හොත් ආර්ථික බලපෑම ඇතිවී රට ආගාධයකට යාමට පුළුවන් ප්‍රභේදයක් පැතිරෙන කාලයක උත්සව සමයේ වගකීමෙන් හැසිරිය යුතුයි අපට ඇඳන් අසූ දහසක් තියෙනවා අතරමැදි මධ්‍යස්ථාන තියෙනවා නමුත් අපිට සෞඛ්‍ය සේවකයින් සපයන්න පුළුවන් කමක් නෑ දිනකට රෝගීන් පන්සියයක් හයසියයක් වැඩි වෙන්න බැහැ ඒ වගේම මුඛ වැස්ම නොමැතිව ඡායාරූප ගැනීම වැරදි ආදර්ශයක් එය දකින වෙනත් පුද්ගලයින් මුව වැස්ම නොමැතිව හැසිරීමට කටයුතු කරනවා ගුවන්තොටුපළට දහස් ගණනක් එනවා සියල්ල ගේම ජාන පරීක්ෂණ කරලා ඔමික්‍රෝන් හොයන්න ඕන එසේ කිරීමට හැකියාවක් නැහැ”

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest