fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ගෙවුණු දිනයේ කොවිඩ් අසාදිතයින් 700 සීමාව ඉක්මවයි

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 715 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 548,061 ක් ලෙස දැක්වුණා.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඊයේ (11) තහවුරු කර තිබෙනවා.

මෙලෙස මිගොස් ඇත්තේ කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගයින් 11 දෙනෙක්.

එවන් පසුබිමක නිරෝධායන නීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළ පුද්ගලයින් 82,098 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අදත් දිවයින පුරා ක්‍රියාත්මකයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest