පාකිස්තානයේ සියල්කොට් හිදී ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ කොටස් අද(6) පස්වරුවේ ලාහෝරයේ සිට ශ්රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරට රැගෙන ඒමට නියමිතයි.
ඉන් අනතුරුව දේහය මෙරටදී සිදුකරන පශ්චාත් මරණ පරික්ෂණය සදහා මිගමුව මහ රෝහලට රැගෙන යාමට නියමිත බවයි ප්රියන්ත කුමාර මහතාගේ ඥාතින් ත්රිවිධ 24 කළ විමසීමකදී සදහන් කළේ.
ප්රියන්ත කුමාර මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා (08) සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.