fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

චීන නෞකාව මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව රජයට දැනුම් දුන්නා – අමාත්‍ය මහින්දානන්ද

අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා මෙම දැනුම් දීම සිදු කළා.

සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අහිතකර බැක්ටීරියා අන්තර්ගත බව කියන කාබනික පොහොර රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත්ව යන බවට එම සමාගම විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බවයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ලබාදුන් එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් තමන් සෑහීමට පත්වන බව පෙත්සම්කාර පාර්ශවයද අධිකරණයට දන්වා සිටියා.

පෙත්සම පිළිබඳ සලකා බැලීම මැයි මස 09 වනදා තෙක් කල් තැබුණා.

අධිකරණ වාර්තාකරු උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest