තම රජය තුළින් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැතිනම් අලුත් කණ්ඩායමක් පත්කර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නැවත පරණ කණ්ඩායම ම බලයට ගෙන ඒමේ ක්‍රමය දැන් වෙනස් කළයුතු බවයි.
අරලියගහ මන්දිරයේදී අද (10) පෙරවරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
“අවුරුදු 5ක් රට පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතනට පත් වුණේ. දැන් අවුරුදු දෙකකට පස්සේ කිසිම දෙයක් වුණේ නෑ වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්න ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක් ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ නෑ කොහොමද කරන්නේ කියලා. අපි හොඳ දෙයක් කරනවා නම් ඒකට රට වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා කරන්න අවශ්‍යයි. විරුද්ධ පක්ෂයක් කියන්නේ ඒකයි. අපිට සංවර්ධනය කරන්න ආයෝජන කරන්න මුදල් නෑ. අපි පිටරටවල ආයෝජන ගේන්න අවශ්‍යයි. සෘජු විදේශ ආයෝජන නැතිව අපි වගේ රටකට යන්න පුළුවන් කමක් නෑ. අපිට වත්කමක් නෑ. මේ ආයෝජන කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමකුත් නෑ.”
“කොවිඩ් නිසා අපිට නව සාමාන්‍යකරණයකට යන්න වුණා. ලැජ්ජයි. නව සාමාන්‍යකරණය කියලා කිව්වාම ගිහින් පෙළපාළි තියෙනවා. නැත්නම් රැස්වීම් තියෙනවා. මේවද අවශ්‍ය නව සාමාන්‍යකරණ යටතේ. මේවයෙන් වෙන්නේ නැවතත් කොවිඩ් ඇතිවීම. එතකොට ආපහු පාසල් වාහන්න වෙනවා. රට වහන්න වෙනවා. විරුද්ධ පක්ෂයක් වුණත් මේවා ගැන හිතන්න අවශ්‍යයි.”