fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ජනපති සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා අතර හමුවක් (Photos)

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (11) පෙරවරුවේ සිදුවුණා.

ඒ ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දීයි.

මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක සිටින බව කියා සිටි සෙයිෆුද්දීන් සහෙබ්තුමා පැවසුවේ
තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest