fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

“එක රටක් – එක නීතියක්” වෙනුවෙන් පත්කෙරුණු ජනාධිපති කාර්යසාධක බලකායට නව සාමාජිකයින් තිදෙනෙක්

ජනාධිපති කාර්යසාධක බලකායට නව සාමාජිකයින් තිදෙනෙකු පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් නිකුත්කර ඇති අතර එහිදී එම කාර්ය සාධක බලකාය සඳහා පවරා ඇති කාර්යයන් ද සංශෝධනයට ලක්කර ඇති බව සඳහන්ය.

ඒ අනුව, නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, අයියාම්පිල්ලෙයි දයානන්ද රාජා සහ යෝගේෂ්වරී පද්ගුණරාජා යන මහත්ම මහත්මීන් පත්කර තිබෙනවා.

ඒ අනුව, එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සංයුතිය සාමාජිකයින් 14 දෙනෙකු දක්වා ඉහළ යනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මස 26 වන දින එම කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest