fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ජනාධිපති නීතීඥවරුන් පත්කිරීමට අදාල නව මාර්ගෝපදේශ ඇතුලත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව අනුමතකරන ලද මෙම නව මාර්ගෝපදේශ, ජනාධිපති ලේඛම් පී.බී ජයසුන්දර මහතා විසින් මෙලෙස නව ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම නව ගැසට් පත්‍රය මගින් නව මාර්ගෝපදේශ 14ක් හදුන්වා දී ඇති අතර එමගින් 2019 වසරේ ඔක්තෝබර් 29වන දින ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයේ ඇති මාර්ගෝපදේශ අහෝසි වනවා.

නව ගැසට් පත්‍රයට යටත්ව ජනාධිපති නීතීඥවරුන් පත් කිරීම උපරිම වශයෙන් එක් වසරකට එක් කණ්ඩායමකට සීමාකර ඇති අතර වසරකට පත් කල හැකි ජනාධිපති නීතීඥවරුන් සංඛ්‍යාව ද 10 නොයික්මවිය යුතු වනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest