කොළඹ, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රවේශ මාර්ගයේ පවතින බාධක ඉවත් කිරීමේ හදිසි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීම ජුනි මස 13 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම ඉල්ලීම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.
ගාලු මුවදොර පිටියෙන් විරෝධතාකරුවන් ඉවත් කරන ලෙසට තමන් විසින් ඉල්ලීමක් සිදුනොකළ බව එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතන දෙකක කළමනාකාර වරුන් විසින් දිවුරුම් ප්‍රකාශ සිය නීතිඥවරු මාර්ගයෙන් අද දින අධිකරණයට දැනුම් දුන්නා.
තවදුරටත් කරුණු දැක්වූ එම නීතිඥවරු සඳහන් කළේ පොලීසිය අධිකරණයට අසත්‍ය ප්‍රකාශ සිදු කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතියට අනුකූලව කටයුතු කිරීමටද අදහස් කරන බවයි.
අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඊළඟ නඩු දිනයකට පෙර මෙම නඩුව කැඳවන්නේ නම් ඒ සම්බන්ධයෙන් වග උත්තකාර පාර්ශවයටද නොතීසි නිකුත් කරන ලෙසයි.
ඉදිරිපත් වු.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට මෙම ඉල්ලීම පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතාවයක් නොමැති බව පෙනී යන්නේ යැයි ප්‍රකාශ කළා.
ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජූනි මස 13 වන දින යළි කැඳවීමට නියම කළා.