ශ්රී ලංකා පාපන්දු ක්ෂේත්රයට අලුත් අත්දැකීමක් එකතු කරමින් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලානය රටවල් 04 ක සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වුණා.
ඇමරිකානු ඩොලර් 30,000ක් සමගින් මෙම කුසලානය දිනා ගැනීම අරමුණු කර ගනීමින් සීෂෙල්ස් ,මාලදිවයින, බංග්ලාදේශය හා ශ්රී ලංකාව අතර තරගාවලිය පැවැත්වෙනවා.
තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව හා මාලදිවයින අතර පැවැත්වුණා.
මෙම තරගය නිමාවට පත්වුණේ ගෝල් 04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරවයි.
තරගාවලියේ දෙවන තරගය ලෙස බංග්ලාදේශය හා සීෂෙල්ස් අතර පැවැත්වුණා.
එම තරගයද ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයකින් තොරව නිමාවුනේ.
තරගාවලියේ ඉදිරි තරග අනිද්දා ආරම්භ වීමට නියමිතයි.
තීරණාත්මක අවසන් මහා තරගය ලබන සිකුරාදා (19) රාත්රී 07.00 ට පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.