මුහුණ ආශ්‍රිතව හට ගත් අංශභාග රෝගී තත්ත්වයක් නිසා තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයෙකු වන කැනේඩියානු ජාතික ජස්ටින් බීබර් සිය ඉදිරි ප්‍රසංග කටයුතු දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. 28 හැවිරිදි ජස්ටින් බීබර්ට වැළඳී ඇත්තේ ස්නායු ආශ්රිත දුර්ලභ රෝගී තත්ත්වයකි. එම නිසා ඔහුගේ ඇස්, කන් හා උගුර ආශ්‍රිතව සංකුලතා මතුව තිබෙනවා.
මෙම රෝගය වෛද්‍ය විද්‍යාවේ රැම්සේ හන්ට් සින්ඩ්‍රෝම්(Ramsay Hunt Syndrome) ලෙස හදුන්වනු ලබනවා.
මෙම රෝගය වැළදුණ කෙනෙකුට මුහුණේ අප්‍රාණිකත්වය, කන ආශ්රිත ප්‍රදේශ තමන්ට නොදනී තුවාල බවට පත් වීම, උගුර ආශ්‍රිතව මුඛය ආශ්‍රිතව තුවාල හට ගැනීම දැකගත හැකිය.
එසේම ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි වීඩියෝවක් පල කරමින් කියා සිටියේ මෙම අංශභාග රෝගී තත්ත්වය හේතුවෙන් තමන්හට ප්‍රසංග වේදිකාවට නැගීමට පවා නොහැකි බවත් ,එසේම මේ සඳහා දැනටමත් මුහුණ ආශ්රිත ව්‍යායාම ආරම්භ කර ඇති බවත්, තමන් නැවත යතා තත්ත්වයට පත් වන තෙක් සියලු ප්‍රසංග කල්දමන බවත්ය.