fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන්ට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පොලිස් නිලධාරින් හතර දෙනකුට එරෙහිව කෘෘර වද හිංසනය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ, රාජගිරිය ප්‍රදේශිය පදිංචි මිෂාර රණසිංහ නමැති ව්‍යාපාරිකයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන්, පොලිස්පතිවරයා, පොලිස් විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 09 දෙනෙකු කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස 25 වනදා තමා පානදුර රත්නපුර මාර්ගයේ ගමන් කරමින් සිටියදී ගොකරැල්ල ප්‍රදේශයට ආසන්නයේ දී වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් තම වාහනය අසලට පැමිණ වාහනයේ දොර බලාත්කාරයෙන් විවෘත කළ බවයි.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස තමන්ට අමානුශික ආකාරයෙන් පහර දුන් බවත් ඊට අදාළ වීඩියෝ දර්ශන සමාජ ජාල වල ප්‍රචාරය වූ බවත් පෙත්සම්කරු කියා සිටිනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් තමන්ට සිදුකළ පහරදීමකින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම මේ වන විට වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ නම් ඊට අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් තමා සම්බන්ධයෙන් කිරිඇල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා නිකුත් කළ වාර්තාව අධිකරණය හමුවට කැඳවීමේ නියෝගයන් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විශේෂ වෛද්‍ය මණ්ඩලයක් හමුවට පමුණුවා ඔහු පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන්ට පොලිස් තනතුරු දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සම්බන්ධයෙන් වහා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු වගඋත්තරකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව කෲර වධහිංසා වැලැක්වීමේ පනත යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ත්‍රිවිධ 24 අධිකරණ වාර්තාකරු : උදය කුමාර

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest