“ජාතික ආරක්ෂක විද්‍යාලය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබුවා.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස් ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.
ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැඟිල්ලේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” ස්ථාපිත කර තිබෙනවා.
මිට අමතරව “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු සිදුකෙරුණා.
මෙහි ප්‍රථම පාඨමාලාව හෙට(12) සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වේ.
ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 දෙනෙක් සහ පොලීසියේ නිලධාරීහු 04 දෙනෙක් තෝරාගෙන සිටිති.
ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක ඉටු වීමක් බව ජනාධිපති රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් පැවසුවා.
සෑම වසරක ම මිත්‍ර ජාතීන් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිපදෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුව ද, තවත් බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මෙම පාඨමාලාව හදාරන නිලධාරීන්ට ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන් ම හමුදාපති තනතුර දැරීමට ද අවස්ථාව උදාවිය හැකි බවයි ජනාධිපතිවරයා පවසන්නේ.