fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ ජාතිය ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගැනීම ත්‍රිවිධ හමුදාවේ වගකීමක් – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන් ම ජාතිය ගොඩනැඟීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිදු ඉඩක් නැති බවත් රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවයි කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේ.

”රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමඟ උඩුයටිකුරු වුණත් පසුගිය පාලන සමයේ එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙනවා විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසි සේත් මිල්ටරීකරණයක් නො වන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන් ම ජාතිය ගොඩනැඟීමට අවශ්‍ය පියවර ගැනීම ද ත්‍රිවිධ හමුදාවේ වගකීමක් යුද, නාවික සහ ගුවන් හමුදාව ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටිනවා”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest