යුගදනවි බලාගාරයේ ගිවිසුම පිලිබඳ රටට හෙළි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
” අගෝස්තු මාසයේ විදුලි අර්බුදයක් එන බව අපි කලින්ම රටට කිව්වා.ආණ්ඩුව ඇමරිකාවත් සමග හොර ගිවිසුම් ගැහුවා.අපි කිව්වා රටට ගිවිසුම හෙළි කරන්න කියලා නමුත් ආණ්ඩුව වගේ වගක් නැතුව හිටියා. මෙම ගිවිසුම ගැන ආණ්ඩුවේ මැති ඇමැතිවරු මන්ත්‍රීවරු දන්නෑ කියනවා.ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී මේ හොර ගිවිසුම ගැන ගැන කතා කළා.ආණ්ඩුවේ මන්ත්‍රීලා කියනවා අපි මේ ගිවිසුම ගැන දන්නේ නැහැ කියලා.ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් සමාගම ඇමරිකාවේ ලියාපදිංචි සමාගමක්.ලබන 16 17 අපේ නඩුව විභාගයට ගන්නවා.අපි හිතනවා රටට හිතකර තීන්දුවක් දෙයි කියලා අධිකරණය ”