පසුගියදා එළිදැක්වූ කොලිවුඩ් නළු සූර්යාගේ ජායි භීම් චිත්‍රපටය මුළු ලෝකයේම චිත්‍රපට රසිකයින්ගේ කතාබහට ලක් වුණා.
T.J.Gnanavel විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඉන්දියාවේ කුල අර්බුදය නිසා දුක්විදින ඉරුල ග්‍රෝත්‍රික කාන්තාවකගේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වී තිබෙනවා.
චන්දෘ නම් චරිතය සූර්යා විසින් පණ පොවන අතර මෙහි නිෂ්පාදනය සූර්යා සහ ජෝතිකා විසින් අවසන් කර තිබෙනවා.
චිත්‍රපටයට එරෙහිව පසුගිය දිනක ඉන්දියාවේ වන්නියාර් ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් වීදි බැස විරෝධතා පැවත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
ඒ සිය ප්‍රජාවට ජායි භීම් චිත්‍රපටය නිසා අසාධාරණයක් සිදුවන බවට චෝදනා කරමින්.
වන්නියාර් සංගම් ප්‍රාන්ත සභාපතිවරයා සදහන් කරන්නේ ජායි භීම් චිත්‍රපටයේ සියලුම නළු නිළියන් සහ නිෂ්පාදකවරුන් වන්නියාර් ප්‍රජාවගෙන් සමාව ගතයුතු බවයි.
මේ හේතුවෙන් සූර්යාගේ නිවසට පොලිස් ආරක්ෂාව යෙදවීමට ඉන්දීය ප්‍රාන්ත රජයට සිදුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් ලොව පිළිගත් අයි.එම්.ඩී.බී. වෙබ් අඩවියට අනුව ලෝකයේ වැඩිම නැරඹුම් වාර ගණනක් හිමි දෙමළ චිත්‍රපටය බවට ජායි භීම් පත්ව තිබෙනවා.
ඒ ලොව චිත්‍රපට රසිකයින්ගේ වැඩි ආකර්ෂණය දිනූ The Shawshank Redemption සහ The Godfather යන චිත්රපටද තැබූ වාර්තාවන් අභිබවමින්.