ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියේ 28 වන සැකකරු වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නව ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කළ යුතු බවට නියෝග කළා.
ඇපකරුවන් තමන්ගේ පදිංචියේ හා වත්කම් පිළිබඳ සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරනු ලැබුවා.