fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ටයර් කුඩු වලින් පොහොර හදන තැනක් වටලයි

ටයර් නිෂ්පාදනයේදී ඉවතලන රබර් හා අනෙකුත් ද්‍රව්‍ය භාවිත කරමින් වෙළඳපොළට වියාජ පොහොර නිෂ්පාදනයක් සිදුකල වියාපරිකය ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා

කුරුණෑගල නාරමිමල මැටියගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම නිෂ්පාදන ආයතනය වැටලීමේදී දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා

ඒකල ප්‍රදේශයේ බහුජාතික සමාගමකින් ඉවත දමන ටයර් අපද්‍රවය මැටියගනේ කර්මාන්ත ශාලාවට රැගෙන විත් වැලි සමග මිශ්‍ර කර පැකට්ටුවල සකසා වෙළඳපොළට නිකුත් කිරීම සැලසුම් කරතිබූ බව සදහන්

මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත්කර තිබු බලපත්‍ර අවභාවිත කර මෙම වියාපාරය කරගෙන ගොස් තිබු බව පොලිසිය පවසනවා

පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගත් පොහොර අසුරන රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි

-බිමල් රුහුණුගේ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest