නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කර වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව වීඩියෝ කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වික්ටෝරියා වේල්ල, වික්ටෝරියා ජලාශය හා යුද හමුදා සිව්වන බල ඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ආශ්රිත ප්‍රදේශ අදාළ පුද්ගලයින් නිසි අවසරයකින් තොරව වීඩියෝගත කර ඇතිබවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඒ පිළිබද යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කදවුරේ නිලධාරීන් විසින් තෙල්දෙණිය පොලීසියට කල දැනුම්දීමකට අනුවයි සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව සහ කැළණිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.