fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මුතුරාජවෙලට – තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති

අද දින තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මුතුරාජවෙලට රැගෙන ආ බව ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසනවා.

දිවයිනේ කිසිදු ඛණිජ තෙල් හිඟයක් ඇති නොවන බවත් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් හෙට ලැබීමට නියමිත බවත්
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවා

“ඉන්ධන වල කිසිම අඩුවක් නෑ, ඒ නිසා නිකන් කලබලවෙලා ඉන්ධන පිරවුම්හල් වටලන්න එපා.
මම බොහොම වගකීමෙන් කියනවා රටට අවශ්‍ය ඉන්ධන මේ මොහොතේ අපේ ගබඩාවන්වල තියෙනවා.
ඊට අමතරව මම මේ කතා කරන මේ මොහොතේත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටිනවා අපේ මුතුරාජවෙල.
ඊට අමතරව හෙට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් අපි ගෙන්වා ගන්නවා.
19 වනදා නැවතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්න ගන්නවා.
ඒ අනුව වගකීමෙන් කියනවා ඉන්ධනවල කිසිදු අඩුවක් නෑ.”

යනුවෙන් ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest