fbpx

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණු

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරගය බංගලාදේශයේ චිතගන් ක්‍රීඩාංගනයේදී මේ දිනවල පැවැත්වෙනවා.

පළමු ටෙස්ට් තරගයේ හතර වන දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 318ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 465ක්.

දිවා ආහාරය දක්වා වූ කාලය තුළ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ

මුෂ්ෆිකර් රහීම් ලකුණු 105 ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් ඇතුළත්. රහීම් අද දිනයේ දී සිය ටෙස්ට් දිවියේ ලකුණු 5,000 සීමාව පසු කර යාම ද විශේෂත්වයක්. එම කඩඉම පසු කළ පළමු බංග්ලාදේශ පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගැනීමට කසුන් රාජිතට හැකියාව ලැබුණා.

බංග්ලාදේශ ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී ගොස් තිබියදී පිතිකරණයේ නිරත වෙමින් සිටි ශොරිෆුල් ඉස්ලාම් ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමත් සමගයි ඔවුන්ගේ ඉනිම අවසන් වුණේ.

අද දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා ක්‍රීඩා කරමින් සිටි ශ්‍රි ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටියා.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 18යි. ඕෂද ප්‍රනාන්දු ලකුණු 19කට දුවද්දී දැවී ගියා. ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 2කට දවා ගැනීමට ටයිජුල් ඉස්ලාම් සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles