අද (07) උදෑසන හතට (07.00) පමණ ත්රිකුණාමලය මන්කිබ්රිජ් යුධ හමුදා කඳවුර ආසන්නයේදී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
ත්රිකුණාමලය දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ ඇඟලුම් සේවක සේවිකාවන් ප්රවාහනය කරන බස් රථයක් මෙලෙස අනතුරට පත් වුණා.
අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබු ගසක හැපී මෙම අනතුර සිදුව තිබෙනවා.
එහි සේවක සේවිකාවන් 40 ක් පමණ සිට ඇති අතර ඉන් අට දෙනෙකු සුළු තුවාල සහිතව ත්රිකුණාමලය රෝහලට ඇතුලත් කර ඇති බවයි ත්රිවිධ24 වාර්තාකරු සඳහන් කළේ.
බස් රථයේ රියදුරු රෝහල් ගත කරන මොහොතේ සිදුකල අන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාධිත බවයි.
ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා මේ වන විට ත්රිකුණාමලය රෝහලේ කොවිඩ් වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.
-ත්රිකුණාමලය මොහොමඩ් ගීත් –