fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

දකුණු ඉන්දීය කොලිවුඩ් රංගන ශිල්පී ත්‍රිෂා රඟන රාංගි චිත්‍රපටය ළඟදීම

දකුණු ඉන්දියානු කොලිවුඩ් රංගන ශිල්පිනියක් වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් නවතම චිත්‍රපටයකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඒ කාන්තා කේන්ද්‍රීය කුතුහලය මුසු වූ රාංගි නැමති චිත්‍රපටයටයි.

සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් වන ලයිකා ප්‍රොඩක්ෂන් විසින් මෙය නිෂ්පාදනය කර ඇති අතර රාංගි චිත්‍රපටය සිනමාහල්වල පමණක් තිරගත කිරීමටයි එහි නිෂ්පාදකවරයා තීරණය කර ඇත්තේ.

එම්.සරවනන් චිත්‍රපටය තිර රචනය කර ඇති සංගීතය ලබා දෙන්නේ සි.සත්‍යා විසිනි.

රාංගි චිත්‍රපටයේ රූගත කිරීම්වලින් වැඩි කොටසක් සිදුකර ඇත්තේ උස්බෙකිස්ථානයෙයි.

මේ අතර රාංගි චිත්‍රපට රංගන දායකත්වය ලබාදෙන ත්‍රිෂා ක්‍රිෂ්ණන් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෞරවාදරටද පාත්‍ර වුණා.

ඒ ගෝල්ඩන් වීසා ලැබූ ප්‍රථම දමිළ නිළිය ලෙස ඉන්දීය සිනමාවට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest