තිරිඟු පිටි මිල වැඩිවීම පිලිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
එමෙන්ම තිරිගු පිටි සදහා මිල පාලනයක් නොමැති වීමද ගැටළුවක් බවයි වෙළඳ අමාත්‍යවරයා සදහන් කළේ.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ අද (27) දින පාදුක්ක ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
පාන්පිටි මිල ඉහල දැමීමට සූදානමක් තියේද ?
“තිරිඟු අපේ රටේ නිශ්පාදනය කරන ප්‍රමාණය ප්‍රමණවත් නෑ ඒ නිසා වෙනත් රටකින් ගෙන්වන විට විශාල වියදමක් දරන්න වෙනවා තිරිගු ඇට ආනයනය සදහා යන වියදම වැඩිවෙලා තියෙන්නේ තිරිඟු ප්‍රවාහනයට අවශ්‍ය කන්ටේනර් වල දැඩි හිගයක් ඇතිව තිබෙනවා එම කන්ටේනර් ගාස්තු සියයට දහසකින් වැඩිවී තියෙනවා නැව් ගමනාගමන කටයුතු වලදී අවශ්‍ය තරම් නැව් ලෝකය පුරා ගමන් නොකිරීම යන කාරණා බලපා තිබෙනවා මේ තත්වය තුල භාණ්ඩ විශාල වශයෙන් වරාය වල හිරවෙලා සමාගම් දෙකක් තමා අපේ රටේ තිරිගු පිටි නිශ්පාදනය කරන්නේ තවම මිල කීයකින් වැඩි වෙනවද කියල තීරණයක් නෑ මිල පාලනයකි නෑනේ”
රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයට විසදුමක් ලෙස IMF එකට යායුතුමයි කියනනා නේද ?
“අපි IMF එකට ගිහින් තියෙනවා 11 සැරයක් ඒකට ගියහම බැංකුවක් නිසා ණය දෙන කොන්දේසි තියෙනවා ඒ කොන්දේසි වලට යටක් වෙන්න අපේ රටේ ජනතාව කැමති නම් ඒක ට යන්න පුලුවන් එයාලා කියන්නේ රාජ්‍ය මූල්‍යයේ අයවැය හිගය සියයට පහට වඩා අඩු කරන්න උවමනායි කියලයි ඒකට රාජ්‍ය මූල්‍යයේ වැඩිම වියදමක් යන රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන්න වෙයි සමෘද්ධි සහනාධාර කපන්න බෑ වැඩි වැඩියෙන් ජනතාව මත බදු පනවන්න වෙයි ලෝක වෙළපලේ පවතින මිලට බඩු විකුණන්න වෙයි සහනාධාර යටතේ මිල අඩු කරන්න බැහැ තෙල් ගෑස් රසායනික ද්‍රව්‍ය මිල වැඩි කරන්න වෙයි”
පසුගිය යහපාලන කාලයේ ගෙනාපුතෙල් මිල සූත්‍රය ඔබතුමා ලා විපක්ෂයේ ඉන්නකොට දැඩි ලෙස විවේචනය කලා දැන් ඒ මිල සූත්‍රයම ඉල්ලනව නේද?
“මම තමයි මිල සූත්‍රය මුලින්මගෙන ආවේ ඒ වෙලාවේ කිව්වේ ලෝක වෙළදපලේ අඩු වෙනකොට අඩු කරන්නත් වැඩි වෙනකොට වැඩි කරන්නත් ඇමතිවරයෙක් මොකටද කියලයි මමඑහෙම මිල ස්ූත්ර ඉල්ලලා ප්‍රකාශ කරල නෑ ඒවා ආවේග තියෙන අය කරන ප්‍රකාශ මට හ්වට උත්තර දෙන්න බෑ”