ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු අද මහනුවරදී මේ බව ප්‍රකාශ කළා.
අයවැය හුදු ලේඛනයක් පමණක් බව පැවසූ ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයා එහි ඇති යථාර්ථය මහ මගට ගිය විට දකින්න ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.