fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොවීම තහවුරු කළ යුතුයි – අගමැති (Photos)

දරුවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමා නොවීම තහවුරු කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය සමග ඊයේ පැවති රැස්වීමකදී අවධාරණය කළා.

මේ හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දී .

වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22 වනවිට සම්පූර්ණ කිරීම හා අනෙකුත් මූලික උපාධි වයස අවුරුදු 20 වනවිට සම්පූර්ණ කිරීමට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ හමුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළා

මේ වනවිටත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නියමිත පරිදි විභාග පැවැත්වීම සහ ප්‍රමාදයකින් තොරව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම් සිදුකරන බව සදහන්

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙම හමුවේ දී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා .

සියයට 12ක්ව පැවති ආදායම් බදු යහපාලන ආණ්ඩුවෙන් සියයට 24ක් දක්වා වැඩි කර ඇති බවත් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් ලෙස සලකා ඒ මට්ටමෙන් මෙම බදු අය කිරීම සිදුවන බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දුන්නේය.

අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest