පෙරේදා(21) සිදුවූ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනාරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ(22) තහවුරු කරනු ලැබුවා.
මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 21 දෙනෙක්.
ඔවුන් අතරින් 23 දෙනෙකු අවුරුදු 60ට වැඩි පුද්ගලයින්වන අතර හත් දෙනෙකු අවුරුදු 30ත් 59ත් අතර පසුවන්නන්.
අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකුට ඒ අතරට අයත්.
අවසන් වරට මෙරටින් කොවිඩ් මරණ 30 සීමාව ඉක්මවා වාර්තා වුයේ ඔක්තෝබර් 13 වැනිදායි.
මෙම කොවිඩ් මරණ 31 සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14158ක් දක්වා ඉහල ගියා.