fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

දිවා ආහාරයට තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 215/8

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනයවන අද (23) දින දිවා ආහාරය සදහා තරඟය නතරකරන විට පළමු ඉණිම ක්‍රීඩාකරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 215 ක් රැස් කරගෙන සිටියා.

අද උදෑසන තරඟ වාරයේදී කොදෙව් කණ්ඩායමේ කඩුළු 2ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

කයිල් මේයස් අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවීයන විට රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව ලකුණු 45 ක්.

නොදැවී පන්දුවට පහර දෙන රකිම් කොන්වෙල් ලකුණු 33ක් ද ජෝෂු ද සිල්වා ලකුණු 9ක් ද ලබාගෙන සිටිනවා.

මේ වෙන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 171 ක් පිටුපසින් සිටිනවා

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 386ක් රැස් කර ගත්තා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest