සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයවන අද (25) දිවා අහාරය සඳහා තරගය නතර කරන විට කොදෙව් පිළ කඩුළු 7ක් දැවී ලකුණු 125ක් ලබා සිටියා.
ඔවුන් හඹා යායුතු ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව 348 ක්
අද දහවල් තරඟය නතර කරන විට ශ්‍රී ලංකාවට දවා ගැනීමට හැකියාව ලැබුණේ ජෝශුවා ද සිල්වාගේ කඩුල්ල පමණයි.
ජෝශුවා ද සිල්වා ලකුණු 54ක් රැස් කරගත්තා.
නිකෘමා බොනර් නොදැවී ලකුණු 42ක් ද රකීම් කෝර්න්වෙල් නොදැවී ලකුණු 5ක්ද ලබා ගෙන සිටිනවා
තරගය ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් කඩුලු 3ක් දවා ගත යුතුව තිබෙනවා.