දිස්ත්‍රික්ක හයක් සඳහා අද(12) සවස 4 සිට පැය 24ක කාලයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික් සඳහායි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි වීමක් හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.