fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

දෙසැම්බර් මාසය තෙක් ඉන්ධන හිඟයක් නෑ – සංස්ථා සභාපති (Photos)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අදත් ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා.
විශේෂයෙන් කොළඹින් බැහැර දිස්ත්‍රික්ක කිහිපයක මෙම තත්ත්වය දැකිය හැකියි.

මේ ගාල්ල ඇල්පිටිය විවිධ සේවා සමුපකාර ඉන්ධන පිරවුම් හලේ අද උදෑසන තත්ත්වය.

මේ අතර ඇතැම් ස්ථානවල ඉන්ධන හිඟයක් පවතින්නේ ඉන්ධන හිඟ වනු ඇති බවට පාරිභෝගිකයින් අතර පවතින සැකයක් හේතුවෙන් බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ත්‍රිවිධ 24 කල විමසිමකදී එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ ලබන දෙසැම්බර් මාසය වනතෙක් රටට අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවයි.

පාරිභෝගිකයින් විසින් ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලබාගැනීම නිසා ඊයේ සහ අද දිනය තුල දෛනිකව සපයන පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3200ට අමතරව අතිරේකව පෙට්‍රල් ප්‍රමාණයක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 5200ට අමතරව වැඩි ප්‍රමාණයක් බෙදා හැරීමට සිදු වූ බවද ඒ මහතා සඳහන් කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest