ඉන්දියාවේ බෙංගලුරු නුවර පවත්වන ලද 13වන අන්තර්ජාතික සිනමා උළෙලේදී මෙරට චිත්රපට නිෂ්පාදනයක් වන ”ද නිව්ස් පේපර්” ආසියානු කලාපයේ හොඳම චිත්රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබ තිබෙනවා.
පසුගිය 3 වනදා සිට 10 වනදා දක්වා බෙංගලුරු නුවර පවත්වන ලද මෙම අන්තර්ජාතික සිනමා උළෙලේදී ද නිවුස් පේපර් චිත්රපටය සම්මාන හිමිකරගත්තේ එහි ප්රධානතම තරඟකාරී අංශයක් වන ආසියානු සිනමා තරඟයෙන් වීම විශේෂත්වයක්.
ද නිව්ස් පේපර් බෙංගලුරු සිනමා ඉතිහාසයේ ආසියානු තරඟ අංශය නියෝජනය කරන ලද 12 වන ශ්රී ලාංකීය සිනමා පටයයි.