ටෙස්ට් තරගයකදී ශ්රී ලංකාව වෙනුවෙන් 9වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළම ලකුණු සබඳතාවට හිමිකම් කීමට ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.
ඒ කොදෙව් ශ්රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉණිමේදී නවවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සබඳතාවක් ගොඩනගමින්.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තිලාන් සමරවීර සහ අජන්ත මෙන්ඩිස් වන අතර ඔවුන් දෙදෙනා එක්ව 9වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවක් ගොඩ නගා තිබුණා.
ඒ 2010 වසරේදී ඉන්දියාවට එරෙහිව
ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 39කට දැවී යාමත් සමග ශ්රී ලංකා ඉණිම අත්හිටවූ අතර ඒ අනුව ශ්රී ලංකාව සිය දෙවැනි ඉනිම සදහා කඩුළු 09ක් දැවී ලකුණු 345ක් රැස් කළා.
තරගය ජයග්රහණය සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
අද(03) තරඟයේ අවසන් දිනයයි.