fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ධනංජය – ඇඹුල්දෙනිය අනගි ඉණිමක

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟය සිව්වන දිනයවන අද(02) දිනට නතර කරන විට සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 328ක් රැස් කරගෙන සිටියා.

ලකුණු 228 කට කඩුළු 8ක් බිඳ වැටී ශ්‍රී ලංකාව තරමක් අසීරු අවස්ථාවක පසු වූ අවස්ථාවේදී ධනංජය ද සිල්වා සමග එක් වූ ලසිත් ඇඹුල්දෙනිය 09වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 108ක සබඳතාවක් ගොඩ නැගුවා.

අද දවසේදී සිය 08වන ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 153 යි.

අනෙක් අන්තයෙන් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිතිකරණයේ නියැලුණු ලසිත් ඇඹුල්දෙනිය පන්දු 110කට මුහුණ දී නොදැවී ලකුණු 25ක් ලබා සිටිනවා.

දිනය නිමවන විට ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණු 279ක් ඉදිරියෙන් පසුවනවා.

හෙට (03) තරඟයේ අවසන් දිනයයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest