නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ කටයුතු කිරීමට සූදානම් බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පවසනවා.
Twitter සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන සහ දිගුකාලීන විසඳුම් සඳහා සහය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන අතර රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව පිහිටුවන ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.