fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

නාවලපිටියේ වැසිකිලියකින් බිලිඳු මළ සිරුරක් සොයා ගැනේ

පූඩළුඔය නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැසිකිලියක් තුළ තිබී බිලිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මේ සිද්ධියට අදාලව එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය විසිතුන් හැවිරිදි පූඩළුඔය ප්‍රදේශයේම පදිංචිකාරියක්.

මියගිය බිළිදාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නාවලපිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝග කෙරුනේ.

නමුත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාවලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර කුරුණෑගල කූරිපොත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන්කළ කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 3 හැවිරිදි පොතුහැර ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකාරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහරෝහලට ඇතුලත්කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොතුහැර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest