ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේම අදහස් පලකළේ අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුගිය මැතිවරණයෙන් ජනතාව අපි සියලුදෙනාට ජනවරමක් ලබා දුන්නේ ආණ්ඩුව විනාශ කිරීමට නොව සහයෝගයෙන් රට ගොඩනැගීමට බවයි මන්ත්‍රී ජගත් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.