නුවරඑළිය නිල්දන්ඩාහේන – වලපනේ ප්‍රධාන මාර්ගයට පුස්සලපිටිය ප්‍රදේශයේදී අද උදෑසන ගල් පෙරලී යෑමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා මතුවී තිබෙනවා.
අප වාර්තාකරු පවසන්නේ මාර්ගයේ එක් මං තීරුවක් මේවනවිට සම්පුර්ණයෙන් වසා දමා ඇති බවයි.
මධ්‍යම පළාත් මාර්ග අධිකාරියේ රාගල කාර්යාලයේ නිලධාරින් පැමිණ සම්පුර්ණයෙන් අවහිර වී තිබු මාර්ගයේ එක් මං තීරුවක් වාහන ගමනාගමනයට විවෘත කළා.
නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් මහතා පවසන්නේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් ලබාදෙන නිර්දේශ මත මාර්ගයේ ඇති අනෙකුත් ගල් ඉවත් කිරීමට කටයුතු කරණ බවයි.
රංජිත් රාජපක්ෂ