fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

නිවසේ දී නිවැරදිව ගෑස් පාවිච්චි කරන විදිහ

ගෑස් භාවිතා කිරීමට පෙර මුළුතැන්ගෙයි දොර ජනෙල් විනාඩියක් දෙකක් පමණ විවෘතකර තැබිය යුතු ය.

අනතුරුව ඔබට ගෑස් ගන්ධයක් නොදැනෙන්නේ නම් ගැටලුවක් නොවේ.

ලිප් දැල්වීමට පෙර සියලු වෑංජන ආදිය ඒදා, පිසීමට සූදානමින් තබාගැනීම වඩාත් සුදුසු ය.

ගෑස් භාවිතා කරනා විට වෙනත් කිසිදු කටයුත්තක (දුරකතන ඇමතුම් ලබා ගැනීම, දුරකතනයක් භාවිතාව වැනි) නොයෙදීම වැදගත් ය.

ජංගම දුරකතනය මුළුතැන්ගෙයට රැගෙන ඒමෙන් වැළකීම වඩාත් උචිත වේ (ඒ දුරකථනයේ ඉලෙක්ට්‍රොනික උපාංග ඇති බැවින් ගින්නක් ඇතිකිරීමේ ආධාරකයක් විය හැකි බැවිනි.)

ගෑස් ලිප දැල්වීමේ දී නොබ් එක ඔබා, ශබ්දයක් නැගෙන සේ කරකැවිය යුතු ය.

මෙසේ ශබ්දයක් නැගෙන්නේ ගෑස් දැල්වීම සඳහා පුළිඟුවක් නිකුත්වීම හේතුවෙන් වන අතර, මේ පුළිඟුව නිකුත් නොවුණ ද ගෑස් නිකුත් වීම ඇරඹිය හැකි ය.

එසේ නිකුත්වන ගෑස් ලිප වටා එකතු වේ. මෙහිදී ඔබ කීප වරක් උත්සාහ කර ලිප දල්වාගන්නා විට, පෙර කී අන්දමින් ලිපි වටා එකතු වී ඇති ගෑස්වලට ගිනි ඇවිලීමේ අවදානමක් තිබේ.

එනිසා ගෑස් ලිපක් එක වරකින්, ශබ්දය ද නැගෙන සේ දල්වාගත යුතු ය.

ගෑස් ලිප භාවිතාවේ දී හිසකෙස් ලිහිල්ව තබාගැනීම නොකළ යුත්තකි.

හැඳ සිටින කමිසයේ/හැට්ටයේ අත් වැළමිටෙන් පහළට දිගු නොවිය යුතු ය.

විශේෂයෙන්ම මුස්ලිම් සහ හින්දු කාන්තාවන් පළඳන දිගු සාලු (ශෝල්) ගෑස් ලිප භාවිතාවේ දී ඉවත්කොට තැබිය යුතු ය

ගෑස් බටය සෘජු නැමුම් හරහා ගමන් කරන්නේ නම්, එවැනි ස්ථානවල දී බටය නොනැවී, නොකැඩී තිබීම සඳහා රෙදි කැබැල්ලක් හෝ රබර් ෂීට් එකක් වැනි යමක් ඇතිරිය යුතු ය

ගින්නක් නැතුව ගෑස් ලීක් වුණොත්?

ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුව භයානක තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඉතා බරපතලබව ඔබ දත යුතු ය.

මේ සම්බන්ධයෙන් ගිනි නිවීමේ නිලධාරියෙක් බිබිසී සිංහල සේවයට පවසා ඇත්තේ මෙවැන්නක්.

“ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. අපි කියනවා ‘ෆයර් ට්‍රයෑන්ගල්’ (ගිනි ත්‍රිකෝණය) කියලා ඕකට. ඔක්සිජන් ඕනේ, ඉන්ධනයක් ඕනේ, පුළිඟුවක් ඕනේ එතකොට මේ ගෑස් ලීක් වෙලා තිබ්බොතින් එහෙම, ගෙයි ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අපෙන් අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. මේක අපි කරගන්නවාම යි අපි දැනුවත් නැත්නම්”

ඔහු පවසන පරිදි, ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි.

ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය.

“ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් “ඕන්” කිරීමෙන් හෝ “ඕෆ්” කිරීමෙන් වැළකිය යුතු ය නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය.කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය.ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු යදොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය.ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීම යි.”

(සටහන : BBC සිංහල වෙබ් අඩවිය | අමන්දා අබේසූරිය)

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest