පුද්ගල පහරදීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මියගොස් තිබෙන්නේ එල්.රුමේෂ් චන්දන ජයතිලක නමැති 34 හැවරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු විල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
ඉකුත් සඳුදා(14) විල්ගොඩ ප්‍රදේශයේදී මත්පැන් පානයකින් පසුව ඇති වූ බහින් බස් වීමක් මෙම පහර දීමට මුල් වී ඇති බව බව කුරුණෑගල පොලිසිය පවසනවා .
පහරදීමට සම්බන්ද විල්ගොඩ පදිංචි පුද්ගලයා කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තරුණයාගේ මරණයට හේතුව මොට ආයුධයකින් පහර දී අක්මාව උදරය ඇතුළු අවයව කිහිපයකට දැඩි බලපෑම් එල්ලවීම බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා තහවුරු කල බව පොලිසිය පැවසුවා
මේ අතර කුරුණෑගල නගරයේ පිහිටි තැබෑරුමක් තුළදී මියගිය තරුණයාට තවත් පුද්ගලයෙකු පහර දෙන දර්ශන පෙළක් සී සී ටී වී කැමරාවක සටහන් වී තිබුනා.
මෙම පහරදීම ද සිදුව තිබෙන්නේ පුද්ගලයා මිය ගිය ඉකුත් සදුදා දිනයේම උදෑසනයි.
මෙම පහරදීම සිදුකල පුද්ගලයාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විජේසිංහ වැලිකන්ද – කුරුණෑගල