ප්ලාස්ටික් ආහාරයට ගන්නා සුපරි පණුවන් විශේෂයක් සොයා ගැනීමට ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ
විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. “සොෆොබාස් මොරියෝ” නමින් හැඳින්වෙන මෙම සුපිරි පණු විශේෂය ඉදිරියේදී ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා ලොකු දායකත්වයක් සපයනු ඇති බවත් එම විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බවයි විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ.