උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින බවයි
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති වනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයින ට ගිණිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය, අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.