20-20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට (14) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පෙරළිකාර නවසීලන්ත කණ්ඩායම අතරයි.
ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයේදී එතෙක් අපරාජිතව සිටි පාකිස්ථානය කඩුළු 5 කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයේ පෙරමුණ ගත් එංගලන්ත කණ්ඩායම කඩුළු 5 කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
හෙට දිනයේදී නවසීලන්ත කණ්ඩායම කේන් විලියම්සන් විසින් මෙහෙයවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ඇරෝන් ෆ්රින්ව් විසින් ලබා දෙයි.