fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ප්‍රියන්ත කුමාරගේ දිවි බේරාගැනීමට ඉදිරිපත් වූ අද්නාත්ට උපහාර

පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් සියල්කොට් නගරයේ ව්‍යාපාරිකයන් එක්ව ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක ප්‍රදානයක් කිරිම සඳහා මුදල් එකතු කර ඇති බව එරට මාධ්‍ය පවසනවා.

ප්‍රියන්ත කුමාර මහතාගේ වැටුප නොනවත්වා ලබාදීමට ද එරට රජය තීරණය කර ඇති බවයි මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් විශේෂ ගුණ සැමරුම් උත්සවයක් ඊයේ (07) පාකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා

මෙම උත්සවයට එරට කැබිනට් අමාත්‍යවරුන් , පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය සිද්දියේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළ කර්මාන්ත ශාලාවේ සේවය කළ මලික් අද්නාත්ගේ නිර්භීතකම ඇගයීමක් ද පාකිස්ථාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතින් සිදු වුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest