fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධියේ තවත් 8 දෙනෙකු අත්අඩංගුවට

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකුපකිස්ථාන පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතන සිද්ධියේ CCTV දර්ශන සහ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම සැකකරුවන් 8 දෙනා හඳුනා ගැනුණා.

ඔවුන් අද ගුජරන්වාලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වනවිට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 26 දෙනෙකු පසුගිය සඳුදා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest