පාකිස්ථානයේ සියල්කොට් හිදී ප්රියන්ත කුමාර මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය පිලිබඳ නඩුව දිනපතා විභාග කිරීමට පංජාබ් පළාත් රජය තිරණය කර තිබෙනවා.
එසේම මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂිත ස්ථානයක්ද සුදානම් කර ඇති අතර නිදැල්ලේ සිටින අපරාධකරුවන් ඉක්මනින්ම නීතියේ රැහැනට හසු කරගන්නා බවයි පංජාබ් පළාත් රජය සඳහන් කරන්නේ.
ප්රියන්ත කුමාර මහතාගේ මරණයට වගකිව යුතු ප්රධාන සැකකරුවන් දෙදෙනා සහ ඊට සහය වූ 900කට ත්රස්ත මර්දන පනත යටතේ චෝදනා ගොනු කිරීම පසුගිය දෙසැම්බර් 07 වැනිදා සිදු කෙරුණා.
මොවුන්ට වගන්ති 11ක් යටතේ නඩු පැවරීම සිදු කර තිබෙනවා.