පාකිස්තානයේ සියල්කොට්හිදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
” මෙම ඝාතනයට සම්බන්ධ සියලුම අපරාධකරුවන්ට නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවටත් , දෙරට අතර පවතින දිගු කාලින මිත්‍රත්වය හා විශ්වාසය කිසි විටෙකත් පළුදු වීමට ඉඩ නොතබන බවට පකිස්තාන අග්‍රාමාත්‍යවරයා දැනටමත් දී ඇති පොරොන්දුව ගැන විශ්වාසය තබා මෙම ශෝචනීය අවස්ථාවේදී අප රටේ ජනතාව බුද්ධිමත්ව හා ඉවසීමෙන් යුක්තව රටේ සාමය සමාදානය සහජීවනය හා ගෞරවය ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතු බව කාරුණාධ්යාශයෙන් සිහිපත් කර සිටිමු” යනුවෙන් අස්ගිරි මල්වතු උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේ සඳහන් කර තිබෙනවා.
මේ අතර මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් විසින්ද ප්‍රියන්ත කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
” ආගමට මුවාවී සිදු කරන්නාවූ මෙවැනි බිහිසුණු අන්තවාදී සාහසික අපරාධයන් නිසා උද්ගතවන ඛේදනීය තත්ත්වයන් නවතාලන්නට සෑම රටකම නායකයින් දැඩි පරිශ්‍රමයෙන් නිතිය ක්‍රියාත්මක කලයුතු බව අවධාරණය කරන්නට කැමැත්තෙමි” යි යනුවෙන් අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කර තිබෙනවා.