පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මස 06 වනදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
ඒ ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකක් සඳහායි.
තෙදින පුහුණු තරගයකින් තරගාවලිය ආරම්භ කිරිමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජුලි 16 සිට 20 දා තෙක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ජුලි 24 දා සිට 28 දා තෙක් පැවැත්වීමට නියමිතයි.