fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

පාඨලීගේ ආරාධනාව අනුර බාරගන්න – අජිත් පි පෙරේරා

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිදු වූ ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනාවක්, හෝ සැකයක් ඇති නම්, තමා සමඟ ඒ පිළිබඳ සංවාදයකට එන්නැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කරනවා.

ඒ ඔහු වෙත ලිපියක් යොමු කරමින්

ජනතා විමුක්ති පෙරමුණු පහළ මට්ටමේ සාමාජිකකයින් මෑතකාලයේ තමා අරභයා ඉතා අභූත චෝදනා කරන බව පවසන චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජවිපෙ ඉහළ මට්ටමේ නායකයින් ද එවැනි චෝදනා වක්‍රාකාරයෙන් තමාට කරන බව අවධාරණය කරනවා.

වෝටර්ස් එජ් ආයතනයේ ඕකිඩ් උද්‍යානය පිළිබඳ සහ තමන් පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී හඳුන්වා දුන් දුම් පරීක්ෂාව හරහා කොමිස් ලැබුණු බවට, අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම, උක්ත සාවද්‍ය චෝදනා අතර ආසන්නතම චෝදනාව ලෙස චම්පික අමාත්‍යවරයා හුවා දක්වනවා.

මෙම චෝදනා සඳහා ජවිපෙ ඉහළ පෙළේ නායකයින් ද අනුබල දුන් බව යි මන්ත්‍රීවරයා පවසන්නේ.

පරිසර, විදුලිබල, විද්‍යා හා තාක්ෂණ, බලශක්ති සහ මහනගර සංවර්ධන යනාදී ඕනෑ ම අමත්‍යාංශයක කාර්‍යභාරය සම්බන්ධ කුමන හෝ කුහුලක්, ගැටලුවක් ඇති නම්, තමා හා සුහද සංවාදයකට එන්නැ යි පාඨලී චම්පික රණවක අනුර කුමාර දිසානායකට ආරාධනා කරනවා.

එමෙන්ම එළඹෙන මැතිවරණය හුදෙක් තවත් එක මැතිවරණයක් නො ව, ශ්‍රී ලාංකේය ජනතාවගේ අනාගතය තීරණය වෙන ඓතිහාසික සන්ධිස්ථානයක් වන බව අවධාරණය කරන මන්ත්‍රීවරයා, ඒ සඳහා ශිෂ්ට සම්පන්න හා බුද්ධිමය සංවාදයන් විනා අවිචාරවත් චෝදනා වැදගත් නො වන බව සදහන් කරනවා

මේ අතර චමිපික රණවක මහතා විසින් කරන විවෘත ආරාධනාව අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගනු ඇති බව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරා මහතා පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest